කැස්බෑව නගර සභා බළ ප්‍රදේශය, කොට්ටේ රාජධානිය පැවති සමයේ ( කි.ව. 1471) පැවති කෝරලවලින් එකක් වන සල්පිටි කොරළයට අයත් ප්‍රදේශයකි.
මෙම කාලයේ රජ කළේ හයවන බුවනෙකබාහු රජතුමාය. එම රජතුමාගෙන් පසුව සපුමල් කුමාරයා හත්වන බුවනෙකබාහු නමින්ර ජකම් කරන ලදි.
හයවන පැරකුම්බා රජතුමා ලංකාව එක් සේසත් කිරිමෙන් අනතුරුව එවකට ප්‍රාදේශීය පාලකයකු වු සපුමල් කුමරුව යාපා පටුනේ සේනා සමඟ සටනට යොමු කරණ ලදුව එය ජයක්ග්‍රහනය කිරිමෙන් අනතුරුව මහරජ බැහැදැකිමට යාම සඳහා කෙස් බා, දැලි රැවුල් කපා, ස්නානය කොට ආභරණ රෙදි පිළි ඇඳ පැලඳ සුදානම් වු ස්ථාන ˜කැස්බෑව˜ ˜පිළියන්දල˜ යන නම් වලින් නම් පටබැඳි ඇති බවට ජනප්‍රවාදයේ සදහන් වේ.
මිට අමතරව පාරක්‍රමබාහු රජතුමා ජල ක්‍රිඩාවෙහි යෙදි ස්නානය කිරිම සිදු කළ ස්ථානය හැඳින්වෙන ˜පිණිදියාගාරය˜ නමින් පොකුණක් මාම්පේ ප්‍රදේශයේ පවති.
මෙම පිණිදියාගාර පොකුණ පසු කළෙක විදේශිකයන් විසින් ගොරක කොට දමා ඇතුන්ලවා පාගවා වසා දැමිමට තැත් කල බවද එය අදටත් ජලය නොසිදි පවතින ස්ථානයක් ලෙස මාම්පේ ගමේ දක්නට ඇත.
කොළඔ දිස්ත්‍රික්කයේ සල්පිටි කොරළයේ පල්ලෙපත්තුවට අයත් කුඩා නගරයක් ලෙස කැස්බෑව, කොළඔ – හොරණ ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට කිලෝ මිටර් 27 දුරින් පිහිටා ඇත.
මෙම නගරයේ මධ්‍යයේ කුඩා වැවක් පිහිටා ඇත. එය බොල්ගොඩ ගඟ හා සම්බන්ධ වී පැවති බවත් එ් හරහා කැස්බෑවුන් පැමිණ ජිවත් වු බවත් එම නිසා මෙම ප්‍රදේශය කැස්බෑව නමින් හැඳුන්වු බවත් ජනප්‍රවාසයේ සදහන් වේ. එමෙන්ම වැව කැස්බැවකුගේ හැඩය සහිත වැවක් නිසා මෙම ප්‍රදේශය කැස්බෑව නමින් නම් පටබැදි ඇති බවත් ජනප්‍රවාසයේ සදහන් වේ.
මෙම ප්‍රදේශය හා සම්බන්ධ පුරාණ සන්නසක් වන දෙමළදුව සන්නස මගින් කියවෙන්නේ සපුමල් කුමාරයාට ලබාදුන් නින්දගමක් ලෙස සදහන් වේ. එම නිසා මෙම ප්‍රදේශය දෙමළදුව ලෙස හදුන්වන බවද පුරාවෘත වලින් කියැවේ.
පිහිටිම
ශ්‍රි ලංකාවේ බස්නාහිර පලාතේ පිහිටි දිස්ත්‍රික්ක තුනේන් එකක් වන කොළඔ දිස්ත්‍රික්කයේ එම දිස්ත්‍රික්කයේ පිහිටි පුදේශීය ලේකම් කොට්ඨාශ දොලහෙන් එකක් වන කැස්බෑව ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි පලාත් පාලන ආයතන දෙකෙන් එකකි තැස්බෑව නගර සභාව.
ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරි වසම් 72 න් වසම් 55 නගර සභා බළ ප්‍රදේශයට අයත් වේ. එම ප්‍රදේශය විශාලත්වය වර්ග කිලෝ මිටර් 41.5 න් වේ.
සිමාවන්
නගර සභාවේ සිමාවන් වන්නේ උතුරින් කොළඔ – අවිස්සාවෙල්ල ප්‍රදාන මාර්ගයෙ සහ මහරගම නගර සභා සිමාවෙන් මායිම් වේ. නැගෙනහිරින් පොල්ගස්මවිට – කොට්ටාව ප්‍රධාන මාර්ගයෙ සහ හොමාගම ප්‍රදේශිය සභා සිමාවෙන් මායිම් වේ. දකුණින් බොල්ගොඩ ගංඟෙන් මායිම් වේ. බටහිරින් පොල්ගොඩ ගගේ උතුර දක්වා විහිදෙන ජලාශිත පහත් බිමෙන්ද දෙහිවල – ගල්කිස්ස මහ නගර සබාව සහ බොරලැස්ගමුව නගර සභාසිමාවන්ගෙන් මායිම් වේ. මෙම සිමාතුල පිහිටි පලාත් පාලන ආයතනය කැස්බෑව නගර සභාව වේ.
පළාත - බස්නාහිර
දිස්ත්‍රික්කය - කොළඹ
ප්‍රදේශිය ලේකම් කොට්ඨාහය - කැස්බෑව
මැතිවරන කොට්ඨාහය - කැස්බෑව
ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව 55
වර්ග කිලෝ මිටර් සංඛ්‍යාව 41.5
උච්චත්වය මිටර් 0 – 20
උෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් 27 – 29
පාංශු වර්ගය වැලි-මැටි මිශ්‍ර පොඩ්සොලික් පසක්
භුවිෂමතාවය
බස්නාහිර සිට නැගෙනහිර දිහාව ඔස්සේ බෑවුම් සහිත ආනතිය බොල්ගොඩ ගඟ දක්වා විහිදේ. උපරිම උච්චත්වය මිටර් 0 -20 අතර පරාසයක විහිදි පවති. උතුරු සහ නැගෙනහිර මායිමේ බොල්ගොඩ ගග සහ වෙරැස් ගඟ ආශ්‍රිත ජලාශ්‍රිත පහත් බිම් කඩොලාන සහ වගුරු සහිත පුදේශයකි.
දේශගුනය
තෙත් කලාපික දේහගුනයකින් යුක්ත වේ. නිරිතදිග මොසමින් වර්හාපතනය ලැබේ.
වර්ෂාපතනය
වර්ෂාපතනය වාර්ෂිකව මිලි මිටර් 2500 – 3000 අතර අගයක් ගනි.
උෂ්නත්වය
උෂ්නත්වය මධ්‍ය වාර්ෂික උෂ්නත්වය 27 o C – 29 o C