2006 අප්‍රේල් 15 දින සිට කැස්බෑව නගර සභාවක් ලෙස නිල කටයුතු ආරම්භ කර අදට දශක දෙකකට ආසන්න කාලයකි. වසර 19 ක ගෙවුන ඉතිහාසය තුල ග්‍රාම නිලධාරී වසම් 55 හි වර්ග කි.මී.41.5ක භූමි භාගය තුල ජීවත් වන ජනතාව වෙත පහසුකම් සැලසීමේදී සාර්ථකත්වයන් මෙන්ම අසාර්ථකත්වයන් පිළිඹිබු වුවද, ලද සාර්ථකත්වයන් හා ජයග්‍රහනයන් ලගා කර ගැනීම සදහා අදූෂිතවත්,අවංකවත්, කාර්යක්ෂමවත් වෙහෙස මහන්සි වු සැවොම අව්‍යාජව මා සිහිපත් කරන්නෙමි.
අප බල ප්‍රදේශයේ ජාති,ආගම්,කුල,මළ හා පාට පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාවගේම සුඛවිහරණය ප්‍රවර්ධනය කිරීම හා ජීවන තත්තවය ඉහල නංවාලීම සදහා කැස්බෑව නගර සභාව සතු මානව හා භෞතික සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතා කරමින් සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, මංමාවත්, පොදු උපයෝගිතා සේවා හා ජනතාවගේ සුභසාධක සේවා හැකි උපරිමයෙන් සැලසීම නව පාලනයේ අපගේ අරමුණ හා ඉලක්කය වී ඇත.
පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ජනතාව තුල පවතින ඝෘනාත්මක ආකල්පයන් වෙනුවට කාර්යක්ෂම මහජන සේවා සපයන තෘප්තිමත් පාලනයක් ස්තාපිත කිරීම අපගේ මූලික අරමුණ වී ඇති අතර පළාත් පාලන ආයත අතුරින් හොදම පළාත් පාලන ආයතනය බවට පත් කිරීමේ ඉලක්ක සහගත වැඩ පිලිවෙල සාර්ථක කර ගැනීමට හැකියාවන් දක්ෂතාවන් සහිත සැමගේ සහය ලබා ගැනීමට අපගේ බලාපොරොත්තුව වී ඇත.
පවතින ආදායම් නිසි කළමණාකරණය කර ගනිමින් නව සේවාවන් රැසක් ජනතාව වෙත ලබා දෙමින් කැස්බෑව හා පිළියන්දල නගර දෙක ප්‍රධාන කර ගනිමින් අප ගෙන යන කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට අපගේ සියලු කාර්යය මණ්ඩල සේවකයන්ගේ දැනුම,හැකියාවන් හා උපරිම සහය ලබා ගැනීමට අප සැලසුම් කර සිටිති., ජනවරමේ ගෞරවය ආරක්ෂා කරමින් අප ගෙන යන මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම ඔබ සැමගේ සහය අප අපේක්ෂා කරන්නෙමු.