කැස්බෑව නගර සභාව
| ||
සාමාන්‍ය තොරතුරුකැස්බෑව නගර සභාවේ සංස්ථාපනය1980 අංක 35 දරණ සංවර්ධන සභා පනත යටතේ 1981 දී දිස්ත්‍රීක් සංවර්ධන සභා පිහිටුවන ලදී. එමඟින් එතෙක් පැවැති ගම් සභා සුළු නගර සභා අහෝසි විය. 1987 දී දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ද අහෝසි කරන ලදි. ඒ වෙනුවට නව පළාත් පාලන පද්ධතියක් හදුන්වා දෙන ලදි. ඒවා ප්‍රාදේශිය සභා වශයෙන් හැදින්විය. ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය බොහෝ විට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකට සීමා විය. ඒ අනුව 1988 /01/01 දින සිට ක්රීයාත්මක වන පරිදි කැස්බෑව ප්‍රාදේශිය සභාව සංස්ථාපනය කරන ලදි. 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ විධිවිධාන අනුව ප්‍රාදේශිය සභා ක්‍රියාත්මක විය. කැස්බෑව බල ප්‍රදේශය වඩාත් නාගරිකරණය වීමත් සමඟ 2006.01.04 දින අංක- 1426/15 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් 2006.04.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් පාලන ආයතන 02 වශයෙන් කැස්බෑව නගර සභාව සහ බොරලැස්ගමුව නගර සභාව සංස්ථාපනය විය. සභාවේ පොදු තොරතුරුපළාත - බස්නාහිර පරිපාලන දිස්ත්‍රීක්කය - කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - කැස්බෑව මැතිවරණ කොට්ඨාශය - කැස්බෑව බල ප්‍රදේශයේ විශාලත්වය - ව.කි.මි.41.5 ජනගහනය - 192630 ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 141065 (2018) නිවාස සංඛ්‍යාව - 49478 ග්‍රාම නිළධාරි වසම් - 55 |
||