කැස්බෑව නගර සභාව
| ||
අපගේ
සේවාවන්
පුස්තකාලප්රදේශයේ ජනතාවගේ බුද්ධි වර්ධනය, කියවිමේ හැකියාව වර්ධනය, මානසික තෘප්තිය කියවීමේ හැකියාව වර්ධනය කිරිම හා පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩ දියුණු කර ගැනිම සදහා අත්වැලක් සැපයිමේ අරමුණින් කැස්බෑව නගර සභාව මඟින් පුස්තකාල සේවාවක් පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව නාගරික බල ප්‍රදේශයේ පිළියන්දල හා කැස්බෑව යන නගර වල මහජන පුස්තකාල 02 පවත්වාගෙන යනු ලැබේ. පිළියන්දල මහජන පුස්තකාලය මඟින් ඉටුකරනු ලැබු සේවා- පිළියන්දල මහජන පුස්තකාල සමාජික පහ වසර සිසුන් සදහා "නැණ පහන " ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය - පුස්තකාල සාමාජික, සමාජිකාවන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා "නැණ පහන " බිත්ති පුවත්පත පවත්වාගෙන යාම සහ හොදම නිර්මාණ සඳහා ත්‍යාග හා සහතිකපත් ප්රදානය - කියවීමේ මාසය නිමිති කරගෙන පුස්තකාල සමාජික, සමාජිකාවන් සදහා ගද්‍ය,පද්‍ය.විත්ර තරඟාවලියක් පවත්වා ත්‍යාග හා සහතිකපත් ප්රදානය. - පුස්තකාල සාමාජික, සමාජිකාවන් සදහා කාන්තා මැහුම් පාඨමාලාව පැවැත්වීම. - පුස්තකාල සාමාජික, සමාජිකාවන් සදහා ජ්‍යොතිෂ්‍ය පාඨමාලාව පැවැත්වීම. - සාහිත්‍ය තරඟ - "ප්‍රතිභා වින්දන"සාහිත්‍ය කලා මහෝත්සවය - ජාතික කියවීම් මාසයේ තේමාවට අදාලව කතන්දර පැය/ගායනා පැය වැඩසටහන් පැවැත්වීම. - පුස්තකාල සමාජික, සමාජිකාවන් සදහා නොමිලේ පරිගණක පුහුණු පාඨමාලාව පවත්වා සහතිකපත් ප්රදානය. - කැස්බෑව නගර සභාවේ ගරු සභාපති ලක්ෂ්මන් පෙරේරා මැතිතුමාගේ ලක්ෂ්මන් පෙරේරා පදනම අනුග්‍රහයෙන් පුස්තකාල සමාජික දූ දරුවන් සදහා "අදිමු රූ සිතුවම් "මාසික චිත්‍ර වැඩමුළුව. - කැස්බෑව නගර සභාවේ ගරු සභාපති ලක්ෂ්මන් පෙරේරා මැතිතුමාගේ ලක්ෂ්මන් පෙරේරා පදනම අනුග්‍රහයෙන් පුස්තකාල සමාජික දූ දරුවන් සදහා "අදිමු රූ සිතුවම් " චිත්‍ර තරඟාවලියක් පවත්වා ත්‍යාග හා සහතිකපත් ප්රදානය කැස්බෑව මහජන පුස්තකාලය මඟින් ඉටුකරනු ලැබු සේවා- ජයවර්ධන වැඩහිටි නිවාසය හා සැලීනාවැඩිහිටි නිවාස සඳහා ජංගම සේවය ක්‍රියාත්මක කිරීම. (සති 02ට වරක් පොත් ලබාදීම හා ගැනීම සිදු කරනු ලැබේ) - සතියේ සෑම දිනකම පහත සවයං රැකියා පාඨමාලාව කැස්බෑව මහජන පුස්තකාලයේ සාමාජිකයින් සඳහා නොමිලේ පවත් වනු ලැබේ - රූපලාවන්‍ය පාඨමාලාව - අඟහරුවාදා - පෙ.ව. 9.00 සිටප.ව. 12.00 දක්වා - මැහුම් හා තිර රෙදි පාඨමාලාව - බ්‍රහස්පතින්දා - පෙ.ව. 9.00 සිටප.ව. 12.00 දක්වා - අත්තම් පාඨමාලාව - ඉරිදා - පෙ.ව. 9.00 සිටප.ව. 12.00 දක්වා - සූප ශාස්ත්‍ර - ඉරිදා - ප.ව. 1.00 සිටප.ව. 4.00 දක්වා - ඔක්තොබර් මාසයේ පාඨකයින්ට ප්‍රශ්ණාවලියක් ලබාදී ඔව්න් සදහා පුස්තකාලය මගින් සපයන සේවා වර්ධනය කිරීමට අදහස් ලබාගැනීම වෙනුවෙන් "පාඨක සමීකරණයක් " පවත්වන ලදී. - කැස්බෑව නගර සභාවේ ප්‍රධාන පුස්තකාලය මගින් සිදු කරනු ලබන සාහිත්‍ය තරඟ සඳහා කැස්බෑව මහජන පුස්තකාලයේ පාඨකයින් සහභාගී කරවීම. - කැස්බෑව නගර සභාවේ ප්‍රධාන පුස්තකාලය මගින් සිදු කරනු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සඳහා කැස්බෑව මහජන පුස්තකාලයේ පාඨකයින් සහභාගී කරවීම. - කැස්බෑව නගර සභා සාහිත්‍ය උත්සවය පැවැත්වීමට කාර්ය මණ්ඩලය සහයෝගය ලබාදීම. - කැස්බෑව නගර සභාවට අයත් පහත සඳහන් පෙර පාසල් දරුවන් සඳහා කියවීම් මාසය නිමිත්තෙන් කතන්දර පැය වැඩසටහනක් පැවැත්වීම එහිදී සියළුම පෙර පාසල් දරුවන් කැස්බෑව මහජන පුස්තකාලයට කැදවා වැඩමුළුව අවසානයේ ප්‍රශ්ණ සදහා දරුවන්ට ත්‍යාග පිරිනමන ලදී.
- කොහා මෘදුකාංගය ලබාගැනීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට ලිපි යොමු කිරීම හා ඒ සදහා කැස්බෑව මහජන පුස්තකාලය තෝරා ගෙන ඇති බව අමාත්‍යංශයෙන් ලිපියක් ලැබීම |
||