කැස්බෑව නගර සභාව

" පුනරුදයට මග - මතින් තොර රට " පිළියන්දල මධ්‍ය විදුහල

මත් රකුසාගෙන් දරු පරපුර බේරා ගැනීමේ අරමුණීන් කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලැබු මත්ද්‍රව්‍ය නිවාරන වැඩ සටහනේ සමාරම්භය දින 2025/09/24 පිළියන්දල මධ්‍ය විදුහලේදී පැවැත්විනි.මෙම වැඩසටහන මෙහෙය වීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී ජේ.ජි.අමරජීව මහතා සහ ,නාගරික මන්ත්‍රී චමින්ද උදයකුමාර මහතා සහ නාගරික මන්ත්‍රී අනිල් රෝහිත ප්‍රනාන්දු මහතා පිළියන්දල මධ්‍ය විදුහලේ නියෝජ්‍ය විදුහල්පති යන මහත්ම මහත්මීන් සහභාගි විය.