කැස්බෑව නගර සභාව

පළමු වීදි නාට්‍ය දැක්ම මකුළුදුව පුරාන විහාරස්ථානය.

පළමු වීදි නාට්‍ය දැක්ම ඉතා සාර්ථකව 2025/11/02 දින ජාතික කියවීමේ මාසය පුනරුදයක් සඳහා කියවමු තේමාව යටතේ ශාස්ත්‍රපති පන්ඩිත මකුළුදුව පුරාන විහාරාධිපති මකුළුදුව නන්දරාම ස්වාමීන් වහන්සේගේ හා කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මකුළුදුව පුරාන විහාරස්ථානයේ දී පවත්වන ලදී.තවද මෙම අවස්ථාව සඳහා නාගරික මන්ත්‍රී පුෂ්පකුමාර ගොරකපිටිය මහතාද සහභාගි විය. ආචාර්ය ගාමිණි හත්තෙට්ටුවේගම විවෘත වීදී නාට්‍ය කණ්ඩායම් ශිල්පීන් විසින් නාට්‍ය රග දැක්වීමට දායක වු අතර සංවිධානය කැස්බෑව නගර සභාවේ පිළියන්දල මහජන පුස්ථකාලය මගින් සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා පුස්තකාලයාධිපති උපේක්ෂා පෙරේරා මහත්මියද සහභාගි විය. මකුළුදුව පුරාණ විහාර දහම් පාසල් සිසුන් සහ දෙමාපියන් වෙත කියවීම අගය පිළිබදව දැනුවත් කිරීම මෙම විථි නාට්‍ය දැක්ම මගින් සිදු කරන ලදී.