කැස්බෑව නගර සභාව

දෙවන වීදි නාට්‍ය දැක්ම බටකැත්තර සුමනාරාම විහාරස්ථානය.

දෙවන වීදි නාට්‍ය දැක්ම ඉතා සාර්ථකව 2025/11/02 දින ජාතික කියවීමේ මාසය පුනරුදයක් සඳහා කියවමු තේමාව යටතේ බටකැත්තර සුමනාරාම විහාරස්ථානයේ පවත්වන ලදී. කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතා සහ නාගරික මන්ත්‍රී පතිරන මහතා නාගරික මන්ත්‍රී චමින්ද උදයකුමාර මහතා මෙම අවස්ථාව සඳහා සහභාගි විය. ආචාර්ය ගාමිණි හත්තෙට්ටුවේගම විවෘත වීදී නාට්‍ය කණ්ඩායම් ශිල්පීන් විසින් නාට්‍ය රග දැක්වීමට දායක වු අතර සංවිධානය කැස්බෑව නගර සභාවේ පිළියන්දල මහජන පුස්ථකාලය මගින් සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා පුස්තකාලයාධිපති උපේක්ෂා පෙරේරා මහත්මියද සහභාගි විය. බටකැත්තර සුමනාරාම විහාරස්ථානයේ දහම් පාසල් සිසුන් සහ දෙමාපියන් වෙත කියවීම අගය පිළිබදව දැනුවත් කිරීම මෙම විථි නාට්‍ය දැක්ම මගින් සිදු කරන ලදී