
තෙවන වීදි නාට්‍ය දැක්ම ඉතා සාර්ථකව 2025/11/02 දින ජාතික කියවීමේ මාසය පුනරුදයක් සඳහා කියවමු තේමාව යටතේ නිවන්තිඩිය සියඹලාගහවත්තේ දී පවත්වන ලදී. මෙම අවස්ථෘව සඳහා කැස්බෑව නගර සභාවේ උප සභාපති මනෝධ්‍යා ගල්පායගේ මහත්මිය,නාගරික මන්ත්‍රී කුසුම්සිරි ප්‍රනාන්දු මහතා, නාගරික මන්ත්‍රී පුෂ්පකුමාර ගොරකපිටිය මහතා, නාගරික මන්ත්‍රීනි දර්ශනි කුමාරි මහත්මිය සහභාගි විය. ආචාර්ය ගාමිණි හත්තෙට්ටුවේගම විවෘත වීදී නාට්‍ය කණ්ඩායම් ශිල්පීන් විසින් නාට්‍ය රග දැක්වීමට දායක වු අතර සංවිධානය කැස්බෑව නගර සභාවේ පිළියන්දල මහජන පුස්ථකාලය මගින් සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා පුස්තකාලයාධිපති උපේක්ෂා පෙරේරා මහත්මියද සහභාගි විය. නිවන්තිඩිය සියඹලාගහවත්තේ ප්‍රදේශවාසින් වෙත කියවීම අගය පිළිබදව දැනුවත් කිරීම මෙම විථි නාට්‍ය දැක්ම මගින් සිදු කරන ලදී.