
සිව්වන වීදි නාට්‍ය දැක්ම ඉතා සාර්ථකව 2025/11/02 දින ජාතික කියවීමේ මාසය පුනරුදයක් සඳහා කියවමු තේමාව යටතේ දැල්තර කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදී. මෙම අවස්ථෘව සඳහා කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතා සහ ,නාගරික මන්ත්‍රී අසංක සොයිසා මහතා සහභාගි විය. ආචාර්ය ගාමිණි හත්තෙට්ටුවේගම විවෘත වීදී නාට්‍ය කණ්ඩායම් ශිල්පීන් විසින් නාට්‍ය රග දැක්වීමට දායක වු අතර සංවිධානය කැස්බෑව නගර සභාවේ පිළියන්දල මහජන පුස්ථකාලය මගින් සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා පුස්තකාලයාධිපති උපේක්ෂා පෙරේරා මහත්මියද සහභාගි විය. දැල්තර ප්‍රදේශ වාසින් වෙත කියවීම අගය පිළිබදව දැනුවත් කිරීම මෙම විථි නාට්‍ය දැක්ම මගින් සිදු කරන ලදී.