කැස්බෑව නගර සභාව

බෝකුන්දර මංසන්දියේ වේරස් ගඟ ව්‍යපෘතියේ ඇල මාර්ගය 2025.11.08 දින බෝකුන්දර සිට ඇරැව්වල දක්වා සුද්ධ පවිත්‍ර කිරීම.

විශාල වශයෙන් වර්ෂා පතනය හේතුවෙන් නිවන්තිඩිය,ඇරැව්වල,බෝකුන්දර,තුම්බෝවිල යන ප්‍රදේශ ජලයෙන් යටවීම් සම්බන්ධයෙන් වාර්ථා වී ඇත.එම ගැටළුවට මුලික හේතුව අවිධීමත් ගොඩ කිරීම් වේ.මෙම ගැටළුව සඳහා බාධාවක් ව ලෙස හදුනාගෙන ඇති බෝකුන්දර මංසන්දියේ වේරස් ගඟ ව්‍යපෘතියේ ඇල මාර්ගය අද දින බෝකුන්දර සිට ඇරැව්වල දක්වා සුද්ධ පවිත්‍ර කිරීම සිදු කරන ලදී. මෙම අවස්ථාව නීරික්ෂවනය සඳහා කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතා සහ නාගරික මන්ත්‍රී කුසුම්සිරි ප්‍රනාන්දු , නාගරික මන්ත්‍රීනි දර්ශනි කුමාරි යන මහත්ම මහත්මීන් සහභාගි විය.