
ජාතික කියවීමේ මාසය 2025 සමගාමීව "කවිය නිසැදැස විචාරාත්මක වැඩමුළුව" කහපොල ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයේ දී සාර්ථක අයුරින් අද දින පවත්වන ලදී.මෙම වැඩසටහන රාජ්‍ය සම්මානලාභි සංගීතවේදි විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය විශාරද ප්‍රදිප් මුතුකුඩ ආරච්චි මහතා විසින් මෙහෙයවනු ලැබීය. මෙම වැඩසටහන සඳහා සහභාගි වු දුවා දරුවන් සඳහා වටිනා සහතික පත්‍රයක්ද පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතා සහ නාගරික මන්ත්‍රීනි ලක්ෂි අල්විස් මහත්මිය , අනිල් රෝහිත ප්‍රනාන්දු මහතා ,පිළියන්දල මහජන පුස්තකාලයේ පුස්තකාලයාධීපති උපේක්ෂා මහත්මිය සහභාගි විය.