කැස්බෑව නගර සභාව

දොලේකනත්ත සුසාන භූමිය තීන්ත ආලේප කර පිරිසිදු කිරීමේ ශ්‍රමදානය.

දොලේකනත්ත සුසාන භූමිය තීන්ත ආලේප කර පිරිසිදු කිරීමේ ශ්‍රමදානය සඳහා මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ස්වේච්ඡා සංවිධාන එක්වේ. මකුළුදුව පුරාණ මහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රීය පණ්ඩිත මකුළුදුවේ නන්දාරාම නායක ස්වාමින් වහන්සේ, නාම්පමුණුව අශෝකාරාමධිපති ශාස්ත්‍රීය පණ්ඩිත ගෝනදෙනියේ ඉන්ද්‍රසාර නායක ස්වාමින් වහන්සේ, මාවිත්තර සිරි තිසරණ ධර්මයාතනයේ විහාරාධිපති කරනාවාගාචාර්ය කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛනාධිකාරි ඇඹිලිපිටියේ රතන ජෝති නායක ස්වාමින් වහන්සේ හා මාවිත්තර,මකුළුදුව,නාම්පමුණුව ස්වේච්ඡා සංවිධාන වල සහභාගිත්වයෙන් දොලේ කනත්ත ආදාහනාගාරය සුසාන භූමිය පිරිසිදු කර තීන්ත ආලේප කිරීම මහ ශ්‍රමදාන වැඩසටහන අද දින සාර්ථකව පවත්වන ලදී. කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතාගේ සහ නාගරික මන්ත්‍රී ලක්ෂ්මන් වල්විට මහතා,නාගරික මන්ත්‍ පුෂ්පකුමාර ගොරකපිටිය මහතාද සහභාගි විය.