
කැස්බෑව නගර සභාව සතු ආදාහනාගාර හයේම ස්වේච්ඡා සංවිධාන හා ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමදායකත්වය මත තීන්ත ආලේප කිරීමේ වැඩසටහන සමගාමීව ඇරැව්වල ආදාහනාගාරය තීන්ත ආලේප කිරීමෙන් පසු අලංකාරවත් වූ අයුරු. මේ සඳහා තීන්ත පමණක් නගර සභා මුදලින් යොදා ගත් අතර තීන්ත ආලේප කිරීමේ සියලු කටයුතු ජනතා සහභාගිත්වයෙන් සිදු කරන ලදී.