කැස්බෑව නගර සභාව

" ඇසුරට පොතක් ආකල්පමය වෙනසක් " වැඩසටහන 2026 ජනවාරි 18 දින කැස්බෑව නගර සභා පරිශ්‍රයේ පැවැත්විනි.

මෙම අවස්ථාව සඳහා කැස්බෑව නගර සභා පුස්තකාල උපදේශක කමිටු සභාපති හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක පුජ්‍ය දොඩම්ගොඩ පියසිරි හිමි සහ කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් පුජ්‍ය හල්පිටිගල යසස්සි හිමි ද ඇතුළු විශේෂිත ආරාධිතයන් ලෙස විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.නායක ස්වාමින් වහන්සේ ගෙ අනුශාසනාවෙන් අනුතුරුව සාහිත්‍යය වේදි නන්දන වීරසිංහ මහතා සහ අනුලා විද්‍යාලයේ විද්‍යා අචාර්ය වසන්ත වන්නිආරච්චි මහතා මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරන ලදී.