
වෙසක් කලාපයට ආදාලව ඉදිවන ප්‍රධාන වෙසක් තොරණෙහි කටයුතු ආරම්භ කිරීම සඳහා නැකතට තොරණෙ මුල් කණුව සිටවීම 2026.05.04 දින සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය සහ කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතා ප්‍රාදේශිය ලේකම්තුමිය, කැස්බෑව ගමනා ගමන මණ්ඩලයේ අධිකාරි, පිළියන්දල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ඇතුළු පිරිසක් සහභාගි විය.